Saturday, November 10, 2012

Bermuda ත්‍රිකෝණය..


                                 Bermuda ත්‍රිකෝණය කිව්වහම ලෝකේ ඕනෑම කෙනෙක් වගේ දන්නවා..ඒ උනාට අභිරහස් ලෙස අතුරුදන් වෙන්නෙ කොහොමද කියලා හරියටම කවුරුත් දන්නව කියල මම හිතන්නෙ නෑ... ඕක ගැන පරික්ෂණ කරන අයනම් කියන්නෙ එම ස්ථානයේ විශාල චුම්භක ක්ෂෙත්‍රයක් තියෙනවා කියලා.. 1950 සැප්තැම්බර් මාසයේදී මුල් වරට මේ පිලිඹඳව දැනගෙන ඇති අතර ඒ පිලිඹඳව මුල් වරට ලිපියක් ලියා ඇත්තේ Edward Van Winkle Jones විසින් ලෙස සටහන් වේ.



"ෆ්ලයිට් 19" සිද්දිය..

                                  1945 දෙසැම්බර් 5 වැනිදා 'ෆ්ලයිට් 19' නම් ගුවන් යානා 5ක් කඳවුරින් පිටත් වූයේ යුධ අභ්‍යාසයක් සඳහාය.මෙහි ගුවන් බටයන් 14 දෙනෙක් විය.ෆ්ලොරිඩා වෙරළ තීරය අසළ බෝම්බ දමමින් පෙරහුරුවකට සහභාගි වූහ.පැය කීපයක් ගත වූ පසු ගුවන් යානා සමග ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිළදාරියා නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ මාලිමා යන්ත්‍ර නිසි ලෙස ක්‍රියා නොකරන බවත් මග සොයා ගැනීමට නොහැකිව ඔවුන් අතුරුදන් වුණ බවත්ය..ඉන්පසුව ඒ පිළිඹඳව කිසිදු හෝඩුවාවක් නොවූ අතර ඒවායේ සුන්බුන් හෝ කිසිදු මළ සිරුරක් මෙතෙක් හමු වී නැත. 

              මෙවන් අභිරහස් රැසකට මුල් වූ  Bermuda ත්‍රිකෝණය පිළිඹඳ අප දන්නා දෙයින් බිඳක් මෙසේ ඔබට තිළින කරමු..වැඩි දුර තොරතුරු මතුවට...තවත් Post එකකින් හමුවෙමු.. 


No comments:

Post a Comment